ලෝක ආහාර දිනය අදට (16) යෙදී ඇත.මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු” යන්නයි.
ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක බවත්,කුසගින්න සහ මන්දපෝෂණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබියදීත්, ආර්ථික අස්ථාවරත්වය, දේශගුණික විචල්‍යතාව සහ වෙළෙඳපොළ කැලඹීම්වල ඒකාබද්ධ බලපෑම් පවුල් සහ ප්‍රජාවන්ට අඛණ්ඩව අභියෝග එල්ල කරමින් තිබෙන බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD), සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මෙරට නියෝජිතයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට සහ මාලදිවයිනේ නේවාසික නියෝජිත විමලේන්ද්‍ර ශරන්, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මෙරට සහ මාලදිවයිනේ නේවාසික නියෝජිත ෂෙරිනා තබෑසුම්,ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ දේශීය අධ්යක්ෂ පිලිප් වෝඩ් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.
ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ද සියලු දෙනාගේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තවමත් ඉටු වී නොමැති අපේක්ෂාවක් බවත්, විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවන්ට වෙළෙඳපොළ, මූල්‍ය පහසුකම් සහ දේශගුණයට ඔරොත්තු දෙන තාක්ෂණයන් වෙත ප්රවේශවීම සම්බන්ධ බාධකවලට මුහුණ දීමට සිදුවන බවද අදාළ නිවේදනයේ සඳහන්කර ඇත.