එවරස්ට් තරණය කළ ලොව පළමු කණ්ඩායමේ අවසන් සාමාජික කාංචා ෂර්පා මියයයි

ලොව උසම කන්ද වන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාල ජාතික කාංචා ෂර්පා ඊයේ (16) කත්මණ්ඩු නුවර දී අභාවප්‍රාප්ත විය.කෙටි කලක් බලවත් සේ රෝගාතුරව සිටි ඔහු දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය.1953 දී වසරේ දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කළ එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ළාබාලතමයා වූ කාංචා ෂර්පා එවක අවුරුදු 19 තරුණයෙකි.iන් ඔහු ලත් සුවිශේෂ ජනප්‍රියතාව නිසා එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක් ඔහු එවරස්ට් තරණය කරන්නන් ගේ මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කොට තිබේ.ඉන් පසුව කාංචා ෂර්පා යනු නේපාල කඳු මාර්ගෝපදේශකයින්ගේ පුරාවෘත්තගත සේම ගෞරවනීය චරිතයක් බවට පත්ව ඇත

කාලීන පුවත්