රාජ්‍ය ආයතන බොහොමයක විවිධ තරාතිරම් වල නිලධාරීන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමිණිලි අනුව ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.ශ්‍රී ලංකා රේගුව,ආගමන විගමන දෙපාර්තමේන්තුව,පොලිසිය. ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ඇතුළු රජයේ ආයතන රැසක ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත ය.රජයේ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන වාර්ෂිකව විමර්ශන කටයුතු සිදු කළ ද ඊට පරිබාහිරව දූෂණය නමැති වරද සිදුව තිබේද? යන්න මෙම විමර්ශනවලින් සොයා බලන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සම්බන්ධතා පැවති බවට අනාවරණය වී ඇති අතර, යුද හමුදාවේ සහ පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන් පිරිසක් මේ කණ්ඩායම් සමඟ ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමිණිලි ප්‍රකාරව ඔවුන් පිළිබඳව මේ වන විටත් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර තිබේ.එමෙන්ම සංවිධානාත්මක අපරාධ ජාලය නිරාබාධිතව පවත්වා ගෙන යාම සඳහා එම අපරාධ කල්ලි සාමාජිකයන් රාජ්‍ය අංශ නිලධාරීන් ගේ සහාය ලබා ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.