අද නුගේගොඩ අවට විශේෂ රථ වාහන සැලැස්ම මෙන්න

නුගේගොඩ අද (21)පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේ දී පැවැත්වෙන විපක්ෂයේ “මහා ජන හඬ” රැළිය හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.ඒ අනුව පස්වරු 02.00 සිට එම රැළිය අවසන් වන තෙක් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි එනම් ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සඳහන් කරයි.එබැවින් එම කාලය තුළ අදාල මාර්ගය භාවිත කරන රියදුරන් හා මහජනතාවට ඇතුල්විය හැකි අපහසුතා මඟහරවා ගැනීමට මතු දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඒ අනුව කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම් සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකිය.පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකි බව සඳහන් කරන පොලිසිය මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකි බවද වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්