ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා දුන්නා”IMD කියයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා දුන්නා කියයි ඉන්දියානු සාගර කලාපයේ ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් එහි ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා දුන් බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් “ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත් සේවය වාර්තා කොට තිබේ.එමෙන්ම මේ වන විටත් මාධ්‍ය වාර්තා කිහිපයක දැක්වෙන ආකාරයට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් පිළිගත් ප්‍රධාන කලාපීය මධ්‍යස්ථානයක් ලෙස, සුළි කුණාටු පිළිබඳ පුරෝකථන කලාපීය රටවල් සමඟ බෙදා ගැනීමේ ක්‍රියාවලියකට පිවිස සිටියි..
ඒ අනුව නොවැම්බර් 13, ඉන්දීය සාගර කලාපයේ අඩු පීඩන තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ පිළිබඳව මුල් වරට පුරෝකථනය කර තිබේ.එසේම නොවැම්බර් 20 සිට, මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ අවදානම පිළිබඳව තොරතුරු ඇතුළත්ව, සුළි කුණාටුව පිළිබඳව අඛණ්ඩව යාවත්කාලීන කිරීම් ශ්‍රී ලංකාව සමඟ නිතිපතා බෙදාගෙන ඇත.මෙම වාර්තා අනුව සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනෞතු සංඥා ශ්‍රී ලංකාවට ලැබී තිබේ. කෙසේ වෙතත්, විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වයන් පසුගිය දිනවල රජයට චෝදනා කළේ, මෙම පුරෝකථන ලැබුණද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ ආපදා කළමනාකරණ පද්ධතිය උද්ගත තත්ත්වයන්ට මුහුණ දීමේදී ශක්තිමත්ව ක්‍රියාත්මක නොවූ බවයි.ආපදා තොරතුරු ලැබීම නොව, එම තොරතුරු මත පදනම්ව කටයුතු කිරීමේදී රජය අසමත් වීම පිළිබඳව ප්‍රබල කතිකාවතක් රට තුළ නිර්මාණය වූයේ ඒ අනුව ය.

කාලීන පුවත්