හදිසි ආපදා රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් මිලියන 250ක්

හදිසි ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමන ලදී.මේ අවස්ථාව සඳහා බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවෝ ද සහභාගී වූහ.

Uncategorized