දිත්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රටට අවශ්‍ය හදිසි අවශ්‍යතා මෙන්ම අනාගතයේදී චීනයෙන් ලැබිය හැකි ආධාර සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ චීන දේශපාලනඥයෙකු වන ෂාවෝ ලෙජි මහතා ප්රමුඛ දූත පිරිසක් අනිද්දා ( 22)දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.ෂාඕ ලෙජි මහතා ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ වත්මන් සභාපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ( සීසීපී) දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවේ තුන්වන ශ්‍රේණියේ සාමාජිකයා වන අතර ඔහු සීසීපී මහලේකම් සහ අගමැතිට පසු ඉහළම ධුරය හොබවන්නා ය.සුළි කුණාටු සහන කටයුතු සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට අමතරව, විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ලබන වසරේදී ද ඊට සමාන මුදලක් අවශ්‍ය වනු ඇති බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් චීනය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වීම සම්බන්ධයෙන් ද ෂාවෝ ලෙජි මහතාගේ මෙම සංචාරය වැදගත් වන බව පැවසෙයි.