ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

උතුරු, නැගෙනහිර, ඌව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල ඇතැම් සථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වත්වයක් පැවතිය හැකි බවද කාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලීන පුවත්