“ගල් අඟුරු ටෙන්ඩරය දූෂිතයි පුළුවන් නම් විවාදයකට එන්න” බලශක්ති ඇමතිට අභියෝගයක්

දූෂිත ටෙන්ඩරයක් මගින් බාල ගල් අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව මනාව තහවුරු වී ඇති අතර මෙම දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක තමන් හා විවාදයට එන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට තමන් අභියෝග කරන බවත් එවිට එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව ජනතාව හමුවේ ඔප්පු කිරීමට තමන්ට හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල්අඟුරු ටෙන්ඩරය, සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවත් ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ තාප ජනන අගය ( Calorific value) 5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් පැවසූ ඔහු ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් පවසයි.

කාලීන පුවත්