ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කරයි.

ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.එහිදී ඔහු කියා සිටියේ පසුගිය ජනවාරි 01වනදා සිට මේ දක්වා ගතවූ දවස් කිහිපය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වූ බවයි.

ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.එම රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,317ක් ලෙසයි.

එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 361ක්, මධ්‍යම පළාතෙන් 192ක්, සබරගමුව පළාතෙන් 165ක්, නැගෙනහිර උතුරු සහ වයඹ පළාත්වලින් 4%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්