ප්රවීණ ගායන ශිල්පියකු සහ දක්ෂ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු බණ්ඩාර මහතා අභාවප්රාප්ත වී තිබේ.කලක් අසනීපයෙන් පසු වූ ඒ මහතා ඊයේ (15) පස්වරුවේ රාගම පිහිටි සිය නිවසේදී මියගොස් ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.මිය යන විට ඔහු 65 වැනි වියේ පසුවිය.රාජු බණ්ඩාරයන් ගායනා කළ “මා ආදරෙයි මුළු ලොවටත් වඩා” ගීතය කලක් මෙරට තරුණ තරුණියන් අතර ඉහළම ජනප්රියත්වයක් හිමිකරගෙන තිබිණි.එමෙන්ම“කවුදෝ මගෙ ලොවේ”, “හද වේදනා රැයේ”, “හද ගී පොතේ”, “රන් මලක් ලෙස” යනාදී තවත් ඔහුගේ ගීත රැසක් ද පසුගිය කාලයේ අතිශයින් ජනප්රිය වී තිබිණි.