අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ගේ අභාවයෙන් පසු ඒ මහතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ “ඔහු මට බින්දුවයි” යනුවෙන් තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ..මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිය දැඩි විරෝධය පළකර සිටිනුයේ, පුද්ගලයෙකු මියගිය අවස්ථාවක මෙවැනි සංවේදී නොවන ප්‍රකාශ සිදු කිරීම කෙසේවත් ශිෂ්ට හා සදාචාරාත්මක සම්පන්න නොවන බව පෙන්වා දෙමිනි.එසේම ඔවුන් පවසන්නේ යමකු තම මානසික ව්‍යාකූලතාවක් පදනම්ව හෝ මියගිය අයෙකුගේ දේශපාලන භූමිකාව මෙලෙස ප්‍රසිද්ධියේ හෙලා දැකීම සදාචාරාත්මක නොවන බවයි.ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 1999 ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් වූ අතර 2004 වසරේ එම පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලන මාවතක නිරත විය.