මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් පොලීසියේ 06 දෙනා 29 තෙක් රිමාන්ඩ්

කතෝලික සභාවේ කොළඹ අග රදගුරු පදවියේ සහකාර ඉඩම් පාලක ගරු මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් 06 දෙනා ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙනාව එළඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.මෙලෙස එළඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරුන් තිදෙනෙක් සහ කොස්තාපල්වරුන් තිදෙනෙකි.එලෙසම මෙම පොලිස් නිලධාරින්ගේ පහර කෑමට ලක් වූ මිලන් ප්‍රියදර්ශන පියතුමා මීගමුව රෝහලේ 07 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, එම පියතුමාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි ද වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් කොළඹ පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු ජුඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් කරන ලද විමසීමකදී එතුමන් ප්‍රකාශ කළේ මෙලෙස පහර කෑමට ලක් වූ මිලාන් ප්‍රියදර්ශන පියතුමා ගේ ශරීර අභ්‍යන්තරයෙන් හටගෙන ඇති තැලුම් වේදනාවන් පිළිබඳව සැලකිලිමත් වී පියතුමාගේ රෝගී තත්ත්වය පිළිබඳව අවශ්‍ය වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා පියතුමන් කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇතිි බවයි.

කාලීන පුවත්