එංගලන්ත ඩයස්පෝරා සිසුන්ගේ විරෝධයෙන් නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සරසවි දෙසුම අවලංගු කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගම් (Oxford Union) දේශනය, ඔක්ස්ෆර්ඩ්හි දෙමළ ඩයස්පෝරාවේ සහ ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගේ විරෝධය හේතුවෙන් අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.මේ වන විට එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂ මහතා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණේ අද දිනයේදිය.මීට පෙර, නාමල් රාජපක්ෂ මහතා කේම්බ්‍රිජ් සරසවියේ ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට නියමිතව තිබුණු අතර, එහිදී මතු වූ විරෝධතා හේතුවෙන් පසුව එය අවලංගු කිරීමට අදාළ ශිෂ්‍ය සංගමය කටයුතු කර තිබිණි.නාමල් රාජපක්ෂ මහතාගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව, 2010 වසරේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී ද දෙමළ ඩයස්පෝරාවේ විරෝධය හේතුවෙන් එය අවලංගු කරන ලදී.

කාලීන පුවත්