බාල ගල් අඟුරු ගැන කියන්න සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් CID යති

මින් පෙර සහල් මෙරටට ගෙන්වා නීතිපති දෙපාර්තමේන්තුව විසින් අසාධු ලේඛන (Black list) ගත කළ සමාගමක් මඟින් බාල ගල් අඟුරු ගෙන් වීමෙන් රටට සිදුව ඇති පාඩුව පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව( CID )ට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.ගල් අඟුරු ගෙන්වීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැටලු සහගත බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් විමර්ශනය සිදුකරන ලෙසස සිවිල් සංවිධාන නියෝජිතයින් සිදුකළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.ගල් අඟුරු මෙරටට ගෙන්වා ඇත්තේ ඒ සඳහා වන නියමිත ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොරව බව එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් අනතුරුව සමගි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.

කාලීන පුවත්