ඉන්දීය කණ්ඩායම, 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.ඒ සුපිරි 8 දෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.
කොල්කටාහිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 195කි.ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදීය.