දැනට ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ තබා ඇති ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ශ්රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්රධාන මහේස්ත්රාත් සමීර දොඩන්ගොඩ මහතා රෝහලේ අධ්යක්ෂවරයාට අද (11) නියෝග කොට ඇත.ගාල්ල ප්රධාන මහේස්ත්රාත් වරයා මෙම නියෝගය නිකුත් කොට ඇත්තේ ගාල්ල වරාය පොලිසිය කළ ඉල්ලීමකට අනුවය.