ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් හෙට මෙරටට

ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට පැමිණීමට නියමිතයි.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ එම නෞකාවේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු බවයි.

ඊට අමතරව මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා 3 ක් මෙරටට පැමිණීමට නියමිතයි.ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇතැයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ , එම ඉන්ධන තොග, ගොඩබාන අවස්ථාවේ මිල ගණන් අනුව ලබා ගන්නා බවයි.අදාළ සියළු නෞකා පැමිණෙන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ය.

කාලීන පුවත්