දිවයින පුරා පනවා ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව විදුලි බලය, ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කර ඇති අතර දිවයිනේ පොදුජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන සේවා රැසක් ආවරණය වන පරිදි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවට වාර්තාවෙයි.