මෙම වසරට (2026) අදාළව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසයි.නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළ අයැදුම් පත්‍ර භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් බවත් මේ දිනවල එම අයැදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවත් ඔහු සදහන් කරයි.
එම අයැදුම් පත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබන ජුනි මාසය පමණ වන විටදී ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට හැකිවෙතැයිද සභාපතිවරයා කියා සිටියි.ඒ අනුව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පෙර සම්මුඛ පරීක්ෂණ තුනක් පැවැත්වේ.
දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීමට අදාළව සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් පෙබරවාරි මස 28 වැනිදා දක්වා අයැදුම්පත්‍ර භාර ගන්නා ලදී.ඉකුත් වසරේදී (2025) ලද තරම් අයැදුම්පත් සංඛ්‍යාවක් මෙවර නොලැබුණු බවද සභාපතිවරයා කීවේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉකුත් වසරේදී (2025) පිළිගත් නව දේශපාලන පක්ෂ සංඛ්‍යාව පහකි (05). ඒ අනුව එම කොමිෂන් සභාව විසින් මේ වනවිට පිළිගෙන ඇති සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 85 කි.