ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකද අද(15) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 – 50 ත් අතර තද සුළං ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 – 40ත් පමණ තරමක තද සුළං තත්ත්වයක්ද පැවතිය හැකියි.

කාලීන පුවත්