ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව තිබේ.මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර ඊයේ (22) පැවති තරගයේදී මෙසී මෙම ඓතිහාසික කඩඉම පසු කර යනලදි.
තරගාවලියේ ආර්ජන්ටිනාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්රික් ගෝල ප්‍රමාණයක් වාර්තා කරමින් මෙසී, ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරොස්ලාව් ක්ලෝස් තබා තිබූ ලෝක කුසලාන ගෝල 16 වාර්තාව සම කිරීමට සමත්විය.ඔස්ට්‍රියාවට එරෙහිව පැවැත්වූ තරගයේ 38 වැනි මිනිත්තුවේදී මෙසී විසින් වාර්තා කරන ලද ගෝලයත් සමඟින්, ඔහු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ තමා රැස්කළ සමස්ත ගෝල සංඛ්‍යාව 17 දක්වා ඉහළ නංවා ගනිමින් වැඩිම ගෝලලාභියා බවට නිල වශයෙන් පත්විය.