කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය විසින් විශේෂ අධ්‍යයනයක් සිදු කර ඇත. ඒ අනුව LRT සඳහා වැය වන අධික පිරිවැය සහ එයින් සේවය සැලසෙන මගීන් සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් එය ප්‍රායෝගික මෙන්ම සාර්ථක නොවන ව්‍යාපෘතියක් බවට රජය තීරණය කර තිබේ.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ LRT ව්‍යාපෘතිය 2020 වසරේදී ද අත්හිටුවා තිබූ බවයි. එවකට ත්‍රිපුද්ගල කමිටුවක් විසින් එය ඵලදායී නොවන ව්‍යාපෘතියක් ලෙස නිර්දේශ කිරීම නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල අත්හිටවූ බවද මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර ඇත.LRT වෙනුවට මගී ප්‍රවාහනය සඳහා මීට වඩා ආර්ථික වශයෙන් වාසිදායක සහ ඵලදායී විකල්ප කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව මෙට්‍රෝ බස් (Metro Bus) ව්‍යාපෘතිය වැනි ක්‍රමවේදයන් ප්‍රමුඛත්වය ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.