ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක සමු ගනී

ශ්‍රී ලාංකික සංගීත වේදිකාවට නව ජවයක් ලබා දුන් ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 68 වියෙහි පසුවුවාය.බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය ගැයූ “කැන්ඩි ළමිස්සි” ගීතය ශ්‍රී ලාංකික ගායන කලාව නව දිශානතියකට යොමු කළ අතර රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ඇය ගායනා කර තිබේ.මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්