ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල ඊයේ (20) දින නිකුත් කර තිබේ.
මෙවර විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598ක්.පෞද්ගලික අයදුම්කරුවන් 637 දෙනෙකු ද ඊට ඇතුළත්.දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669 කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම විභාගය සඳහා මෙවර සිසුන් 147,407 දෙනෙකු පෙනී සිටිනලදි.
අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකියි.
මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතී නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දෙයි.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 011284208 / 0112784537 / 0112785922
ෆැක්ස් අංකය: 0112784422