තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මුස්ලිම් පාසල්වල, පාසල් වාරය ලබන මස 02 වැනිදායින් අවසන් වන බවයි.

තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනිදා ආරම්භ කරන අතර දෙසැම්බර් මස 04 වැනිදායින් අවසන් වනු ඇති.මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2723කදී ලබන 09 වෙනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 10 වැනිදා සිට ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.විභාග ආරම්භයට පෙර පාසල්වල මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට උපදෙස් ලබාදී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළා ය.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088කි.ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 63ක් මියගොස් තිබේ.ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 137ක මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරනලදි.

කාලීන පුවත්