සමෘද්ධි පරිගණක සහකාරවරුන්ගේ රැකියා අහිමි කිරීම අසාධාරණයි

වසර ගණනාවක් පුරා සිදුවූ අසාධාරණයක් හේතුවෙන් මේ වන විට 300කට ආසන්න සමෘද්ධි පරිගණක සහකාරවරුන් සංඛ්‍යාවකට රැකියා අහිමි වී ඔවුන් දැඩි අසරණ භාවයකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.විපක්ෂ නායක කාර්යාලයේදී රැකියා අහිමි වූ සමෘද්ධි පරිගණක සහකාරවරුන්ගේ නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, මෙම අසාධාරණය නිවැරදි කර අදාළ සේවකයින්ට හිමි පත්වීම් ලබා දීම වත්මන් රජයේ වගකීම මෙන්ම යුතුකම ද වන බවයි. එමෙන්ම මොවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම රැකියා අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කළ හැකි ඉහළම මැදිහත්වීම සිදු කරන බවට ද විපක්ෂ නායකවරයා මෙහිදී සහතික විය.

කාලීන පුවත්