රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අදාළ සංවේදී තොරතුරු පළ කිරීම තහනම් කරමින්, දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ ඇතැම් නිලධාරීන් රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය හරහා දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අදාළ සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය පාලන මැදිරි, එන්ජින් පාලන මැදිරි, වැඩපලවල් හෝ වෙනත් ඕනෑම පරිශ්රයක සිට කිසිදු නිලධාරීවරයෙකුට හෝ සේවකයකුට දුම්රිය මෙහෙයුම් කටයුතුවල,අභ්‍යන්තර තීරණ හා නිල ලිපි ලේඛන සමාජ මාධ්‍යවල මුදා හැරීම තහනම් කර ඇති බවයි.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියා වෙත පමණක් නව චක්‍රලේඛය මගින් ලබා දී තිබේ.