එල් නිනෝ දේශගුණික සංසිද්ධිය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැතීමේ සම්භාවිතාව සියයට සියයකට ආසන්න බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පසුගියදා අනතුරු අඟවා ඇත.
මෙරටට බලපා ඇති එල් නිනෝ තත්වය හේතුවෙන් ඇතිවී තිබෙන නියඟයෙන් මේ වනවිට පවුල් 31,737ක පුද්ගලයන් 1,02,624 ක් පීඩාවට පත්ව ඇති බවත් නියඟයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයට බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දක්වා ඇත.
වියළි කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 28ක පවුල් 31,310 කට පානීය ජලය බෙදා දීම සිදු කෙරෙන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ලෝක කාළගුණ විද්‍යා සංවිධානයට අනුව මේ වසර අවසන් වනවිට එල් නිනෝ දේශගුණික සංසිද්ධිය ඉතා ප්‍රබල තත්වයකට වර්ධනය වී “දැඩි එල් නිනෝ” තත්වයක් බවට පත්විය හැකි අතර එය ලබන පෙබරවාරි මාසය දක්වා පැවැතිය හැකිය. ඒ අනුව ඉදිරි මාස කීපයේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතන හා උෂ්ණත්ව රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවත් නියඟ, ගංවතුර සහ අධික උෂ්ණත්වය වැනි කාළගුණික තත්වයන් තවත් වැඩි විය හැකි බවත් ලෝක කාළගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවා ඇත..