පදක්කම් දිනූ ශ්‍රී ලාංකික සූපවේදිනියන් කටුනායකට

මාලදිවයිනේ පැවති ” ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය – 2026 “( Food And Hospitality Asia , Maldives Culinary Competition – 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් වී සිටි අතර ඔවුන් ඊයේ (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මාලදිවයින , හුලුමාළේ නුවර දී පැවති මෙම තරගාවලිය ලෝකයේ රටවල් 15 කට අධික සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් , ඉකුත් 07 වන දින සිට 09 දින දක්වා , කාණ්ඩ අංශ 21 ක් යටතේයි පැවැත්විය.

නාශික් නජිලා සූපවේදිනිය ” ආර්ටිස්ටික් ෂෝපීසස් ( Artistic Showpiece ) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබුණි.

මීට අමතරව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම උසස් මට්ටමේ කේක් සහ පේස්ට්‍රි නිර්මාණ ,ගුණාත්මක ඉදිරිපත් කිරීම් , නිරවද්‍ය සැරසිලි සහ ව්‍යුහාත්මක නිර්මාණ සඳහා රන් පදක්කම් – 05 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබේ.

සූපවේදිනියන් කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු නෑදෑ හිතවතුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

කාලීන පුවත්