ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග ජපානයට

ජපානයේ ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තුවක් වන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ(19) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න සඳහන් කර ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුමේෂ් වෙනුවෙන් ලබාදෙන විශේෂ හෙල්ල කට්ටලය (javelin set) කඩිනමින් ජපානයට ලැබීමට නියමිත බවයි.

ආසියානු ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග තරග වදින හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය එළඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

කාලීන පුවත්