ඉකුත් අගෝස්තු මාසයේදී පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට අටයි දශම එකක් (8.1%) දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉකුත් ජූලි මාසයේ දී මෙරට උද්ධමන අනුපාතය වූයේ සියයට හතයි දශම දෙකකි (7.2%).
ඉකුත් ජූලි මාසයේදී සියයට හතරයි දශම නවයක්(4.9%) ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට හයයි දශම හයක් (6.6%) දක්වා වැඩිවී තිබේ.ජූලි මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය සියයට නවයයි දශම දෙකක් (9.2%) වූ අතර, අගෝස්තු මාසයේදී එය සියයට නවයයි දශම තුනක් (9.3%) දක්වා ඉහළ ගොස් ඇත.
ඉකුත් ජූනි මාසයේදී මෙරට උද්ධමන අනුපාතය සියයට හයයි දශම පහක් (6.5%) වූ අතර, මැයි මාසයේදී එය සියයට සියයට පහයි දශම හතරක් (5.4%) විය.