නාය අධි අවදානම් ස්ථාන 30,000ක් / ප්‍රධාන ජලාශ 14ක් වාන් මට්ටමේ

පව­තින අධික වර්ෂා­ප­ත­නය හේතු­වෙන් මේ වන විට දිව­යින පුරා නාය­යෑම් අධි අව­දා­නම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමා­ණ­යක් හඳු­නා­ගෙන ඇතැයි ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නයේ ජ්‍යෙෂ්ඨ භූ වි­ද්‍යාඥ ආචාර්ය වසන්ත සේනා­ධීර මහතා පව­සයි. මේ නිසා ඔක්තෝ­බර් 3දා සිට මේ දක්වා නාය­යෑම් පූර්ව අන­තුරු ඇඟ­වීම් යාව­ත්කා­ලීන කිරීම් 25ක් නිකුත් කර ඇතැ­යිද හෙතෙම කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින්  ඒ මහතා මේ බව පවසනලදි. ඕනෑම මොහො­තක අන­තු­රු­දා­යක තත්ත්ව­යක් ඇති විය හැකි බැවින් නාය­යෑම් අන­තුරු සැල­කි­ල්ලට ගන්නා ලෙසද හෙතෙම පවසාඇත.

මෙහිදී අද­හස් පළ කළ කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ අනා­වැකි, මෙරිල් මෙන්ඩිස් මහතා මෙසේ ද පවසනලදි.

“පව­තින අඩු­පී­ඩන කලා­පයේ බල­පෑම හේතු­වෙන් මේ මස 27 දා දිව­යිනේ ප්‍රදේශ රැස­කට අධික වැසි සහිත කාල­ගු­ණික තත්ත්ව­යක් පැවැ­තිය හැකියි.

බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළා­ත්ව­ලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලත් මිලි­මී­ටර් 100 ඉක්මවූ තද වැසි ඇති­විය හැකියි. අන්තර් නිව­ර්තන අභි­සාරී කලා­පයේ බල­පෑම හේතු­වෙන් බෙංගාල බොක්ක ආශ්‍රි­තව අඩු­පී­ඩන කලා­ප­යක් නිර්මා­ණය වී පීඩන අව­පා­ත­යක් දක්වා වර්ධ­නය වීමේ හැකි­යා­වක් පව­තින බැවින් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේ­ශ­වල ධීවර හා නාවික කට­යු­තු­වල නිරත පිරිස් වැඩි අව­ධා­න­යක් කළ යුතුයි.”

මෙහිදී අද­හස් දැක්වූ ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනා­ධීර මහතා

“බදුල්ල, මහ­නු­වර, කෑගල්ල, කුරු­ණෑ­ගල, මාතලේ, නුව­ර­එ­ළිය, රත්න­පුර, කොළඹ සහ කළු­තර දිස්ත්‍රික්ක කිහි­ප­යක ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස සඳහා නාය­යෑමේ පූර්ව අන­තුරු ඇඟ­වීම් නිකුත් කර තිබෙ­නවා. නාය­යෑමේ පූර්ව ලක්ෂණ දක්නට ලැබු­ණොත් ආර­ක්ෂක ස්ථාන කරා යොමු විය යුතුයි.

එලෙ­සම පෙර ඇති වූ දිට්වා බල­පෑම නිසා බොහෝ ප්‍රදේ­ශ­වල නාය­යෑ­ම්වල මූලික ලක්ෂණ මතුව තිබෙ­නවා. ඇතැම් ස්ථාන­වල ගල් සහ පස් තට්ටු තාව­කා­ලි­කව රැඳී ඇති අතර, පව­තින වර්ෂා­වත් සමඟ ඒවා සෝදා­ගෙන යෑමේ දැඩි අව­දා­න­මක් පව­ති­නවා. පොළොව අභ්‍ය­න්ත­ර­යෙන් හෝ පරි­ස­ර­යෙන් යම් ශබ්ද­යක් ඇසු­ණොත් ආර­ක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ජන­තා­වට දැනුම් දෙනවා. එම ලක්ෂණ නාය­යෑ­ම­කට කලින් සිදු වන පූර්ව අන­තුරු ඇඟ­වී­මක් විය හැකියි.”

ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි­ප්පිලි මහතා,

“මධ්‍යම, නැඟෙ­න­හිර සහ ඌව පළාත් සහ පොලො­න්න­රුව, හම්බ­න්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළි­බඳ අව­වා­දා­ත්මක නිවේ­දන නිකුත් කර තිබෙ­නවා. දැදුරු ඔය ආශ්‍රි­තව ආපදා තත්ත්ව පිළි­බඳ තොර­තුරු දැනු­ම්දී­මට හෝ අවශ්‍ය සහය ලබා ගැනී­මට පැය 24 පුරා ක්‍රියා­ත්මක 117 කෙටි දුර­ක­තන අංකය අම­තන ලෙසද දැනුම් දෙනවා. දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේ­ශ­ව­ලට ඇද­හැ­ලුණු සැල­කිය යුතු වර්ෂා තත්ත්වය හේතු­වෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංව­තුර මට්ට­මට ආස­න්නව පව­ති­නවා. දැදුරු ඔය ජලා­ශයේ පිට වාන් දොරටු විවෘත කර මේ වන විට තත්ප­ර­යට ඝන අඩි 16,500ක් තරම් ශීඝ්‍ර­තා­ව­කින් දැදුරු ඔයට ජලය මුදා­හ­රි­මින් පව­ති­නවා.

මේ වන විට ජලා­ශ­යට ලැබෙන ජල ධාරි­තාව මත මෙම ප්‍රමා­ණය ඉදි­රි­යේදී තව­දු­ර­ටත් වැඩි කිරී­මට සිදු­විය හැකියි. මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරි­ය­පොළ, නික­වැ­ර­ටිය, මහව, කොබෙ­යි­ගනේ, බිංගි­රිය, පල්ලම, හලා­වත, ආර­ච්චි­ක­ට්ටුව සහ රස්නා­ය­ක­පුර යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ව­ලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේ­ශ­ව­ලට හා ඒ ආශ්‍රිත පහ­ත්බි­ම්ව­ලට ගංව­තුර තත්ත්ව­යක් ඇති වීමේ අව­දා­න­මක් ඇති බවට අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන නිකුත් කර තිබෙ­නවා. පොල්ගොල්ල, රාජාං­ග­ණය, තබ්බෝව ජලා­ශ­වල වාන් දොරටු විවෘත කර ඇත. අඹේ­වෙල, කැනි­යොන් ජලා­ශ­ව­ලද වාන් දොරටු විවෘත කර තිබෙ­නවා. මේ අතර කලා ඔයත් පිටාර මට්ට­මට පැමිණ තිබෙ­නවා. ඒ ආස­න්නයේ පහ­ත්බි­ම්වල ජන­තා­වට අන­තුරු ඇඟ­වී­මක්ද නිකුත් කර තිබෙ­නවා.”

කාලීන පුවත්