ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්රදේශ සඳහා කහ (ඇම්බර් Amber) වර්ණයෙන් යුත් ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.පවතින අධික වර්ෂාපතනය සහ බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ. මේ හේතුවෙන් ඔය දෙපස පහත්බිම් ප්රදේශවල ජීවත් වන ජනතාව ගංවතුර අවදානම පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්ය.විශේෂයෙන්ම පහත්බිම්වල පදිංචිකරුවන්, ගොවීන් සහ ඔය ආශ්රිත මාර්ග භාවිත කරන පුද්ගලයන් ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ගංවතුරට යටවිය හැකි මාර්ග හරහා ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතුය. ජලයෙන් යට වූ පාලම්, බෝක්කු සහ මාර්ග හරහා ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙස ද ජනතාවට උපදෙස් දෙනු ලැබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිකුත් කරන නවතම නිවේදන පිළිබඳ අවධානයෙන් සිටීමත්, ප්රාදේශීය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වේ.