ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් අද (27) රට පුරා බෙදා හැරීමට පියවර ගනිමින් ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
ලිට්රෝ ගෑස්වලට වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින්, ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟා වූ ගෑස් නෞකාව සහ ඊයේ (26) පැමිණි නෞකාවට අමතරව GOODWILL නෞකාව ද මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගෙන ඉකුත් ඔක්තෝබර් 24 වැනිදා මෙරටට ළඟා වූ බවයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කරයි.
ඒ අනුව මෙලෙස ගෑස් බෙදාහැරීම් කඩිනම් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.
ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයන් හට ගෘහස්ථ ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බව සමාගම තහවුරු කර සිටියි.