බස් ටිකට් ගෙවීම්, ළඟදීම කාඩ් එකෙන්

පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 තුළ ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, මගීන්ගේ ඉතිරි මුදල් නැවත නොලැබෙන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

එහි නියමු ව්‍යාපෘතිය මේ වන විට සිදුකර අවසන් බව ඔහු ප්‍රකාශ කරයි.

කාලීන පුවත්