කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට ඊයේ (06) රාත්‍රියේ අධික වර්ෂාපතනයක් ඇද හැළුණි.ඒ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවූ අතර දෛනික ජන ජිවිතයට එල්ල වුණේ දැඩි බලපෑම්.දෙමටගොඩ , මාළිගාවත්ත , කොම්පඤ්ඤ විදිය, කුරුඳුවත්ත බොරැල්ල , යූනියන් පෙදෙස , ආමර් වීදියි ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හට ගත්තේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැය කිහිපයක් තුළ කොළඹට ඇඳ හැළුණු වර්ෂාපතන අගය මිලිමීටර් 129 ක්.

කාලීන පුවත්