කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(11) ඒකක 52.26කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,011.72ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසයි.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්…

මහින්ද අද අල්ලස් කොමිසම හමුවට
කාලීන පුවත්

මහින්ද අද අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. ඒ හිටපු ජනාධිපතිවරයා වෙත එල්ල වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවීමක් කර…

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (11) රාත්‍රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන්…

යාල්දේවී දුම්රිය අද සිට නැවත ධාවනයට
කාලීන පුවත්

යාල්දේවී දුම්රිය අද සිට නැවත ධාවනයට

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය අද (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල දුම්රිය…

ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද ඇරඹෙයි
කාලීන පුවත්

ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද ඇරඹෙයි

මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදීයි. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙක් සහභාගී වන බවයි වාර්තා වෙයි.

බාල ගල්අඟුරු පාඩුව පියවන්න විදුලි බිල 18%කින් වැඩි කරලා
කාලීන පුවත්

බාල ගල්අඟුරු පාඩුව පියවන්න විදුලි බිල 18%කින් වැඩි කරලා

බාල ගල්අඟුරු ගෙන්වීමෙන් සිදු වූ අතිවිශාල පාඩුව පියවා ගැනීම සඳහා රජය විසින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි…

ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි
කාලීන පුවත්

ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ…

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
කාලීන පුවත්

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්…

දෙනියායේ පාසල් 4ක් තවදුරටත් වැසේ
කාලීන පුවත්

දෙනියායේ පාසල් 4ක් තවදුරටත් වැසේ

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම…

error: Content is protected !!