HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත් අලුත්ම තීරණය

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය සඳහන් කළාය.

2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල මෙම Condom Vending Machine සවිකිරීම ආරම්භ කර තිබුණි.

එනමුත් පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වී ඇති බැවින් යළි එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කාලීන පුවත්