OpenAI සමා­ග­මට නඩු

තරුණ තරු­ණි­යන් ඇතුළු පරි­ශී­ලි­ක­යන් විශාල පිරි­ස­කට බර­ප­තල බල­පෑම් එල්ල වන බවට චෝදනා කර­මින් අමෙ­රි­කාවේ ප්‍රාන්ත 8ක් OpenAI සමා­ග­මට එරෙ­හිව ප්‍රාන්ත අධි­ක­ර­ණ­වල නඩු පවරා ඇතැයි රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය. අයෝවා, කැන්සාස්, ඇරි­සෝනා, මොන්ටානා ඇතුළු එම ප්‍රාන්ත­වල නීති­ප­ති­ව­රුන් එම නඩු ගොනු කර තිබේ. ඔවුන්ගේ චෝද­නාව වී ඇත්තේ එම සමා­ගම විසින් සංව­ර්ධ­නය කර හඳුන්වා දී ඇති ChatGPT කෘත්‍රිම බුද්ධි මෙව­ලම මඟින් අන­තු­රු­දා­යක හැසි­රීම් සඳහා දිරි­මත් කිරීම්, සිය­දිවි හානි කර­ගැ­නීම සඳහා උප­දෙස් ලබා­දීම් සහ මනුෂ්‍ය ඝාතන වැනි ප්‍රච­ණ්ඩ­කාරී ක්‍රියා සැල­සුම් කිරීම්ව­ලට සහය වීමෙන් පාරි­භෝ­ගික ආර­ක්ෂණ නීති උල්ලං­ඝ­නය වී ඇති බවය. එම සමා­ගම ආර­ක්ෂාව සම්බ­න්ධව මවු­පි­යන් නොමඟ යව­මින් මහ­ජන පීඩා­වක් සිදු කර ඇතැයි ද ප්‍රාන්ත නීති­ප­ති­ව­රුන් සඳ­හන් කර තිබේ.

එබැ­වින් තරුණ පරි­ශී­ල­ක­යන් වෙනු­වෙන් එම කෘත්‍රිම බුද්ධි මෙව­ලමේ ආකෘ­තිය හා ක්‍රියා­කා­රී­ත්වය වෙනස් කරන ලෙසත්, මානව ප්‍රජා­වට අනු­කූල නොවන කෘත්‍රිම බුද්ධි මෙව­ලම් සංව­ර්ධ­නය කිරීම තහ­නම් කරන ලෙසත් අදාළ ප්‍රාන්ත­වල නීති­ප­ති­ව­රුන් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කර තිබේ. එමෙන්ම තරුණ පර­පු­රට සිදුවු හානි වෙනු­වෙන් මූල්‍ය­මය වශ­යෙන් වන්දි ලබා දෙන ලෙසත් වැඩි­දු­ර­ටත් ඉල්ලීම් ඉදි­රි­පත් කර තිබේ.

කාලීන පුවත්