PHP යොදා සකසන ලද රජයේ පරිගණක ජාල වෙත හැකරුන්ගෙන් දැඩි අවදානමක්

 

 

ශ්‍රී ලංකාවේ රජයේ ආයතන රැසක පරිගණක ජාල සහ වෙබ් අඩවි තවමත් යල්පැනගිය PHP තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් දරුණු සයිබර් ප්‍රහාර අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) අනතුරු අඟවයි.ලොව පුරා PHP 8.2 සහ 8.3 වැනි නවතම, ආරක්ෂිත අනුවාද භාවිතයේ පවතින නමුත්, විගණනයකදී හෙළිවී ඇත්තේ ඇතැම් රජයේ දෙපාර්තමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් අඩවි තවමත් PHP 5.6, 7.0, 7.2 වැනි සහය අවසන් කරන ලද (End-of-Life) අනුවාදවල ක්‍රියාත්මක වන බවයි.සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, නිල සහය අවසන් වූ PHP අනුවාද සඳහා තවදුරටත් ආරක්ෂක යාවත්කාලීන නිකුත් නොවන බැවින්, හැකරුන්ට පහසුවෙන් RCE (Remote Code Execution), SQL Injection සහ Cross-Site Scripting (XSS) වැනි ප්‍රහාර එල්ල කිරීමට හැකි බවයි.

කාලීන පුවත්