Starlink දැන් ශ්‍රී ලංකාවේ

සිය ස්පේස් එක්ස් සමා­ග­මට අයත් චන්ද්‍රි­කා­ගත ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන බව එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ලොව විශා­ල­තම ධන­වතා වන ඉලෝන් මස්ක් සඳ­හන් කර තිබේ.

එහි දක්වා ඇත්තේ ස්ටාලින්ක් දැන් ශ්‍රී ලංකාවේ ලබා­ගත හැකි බවයි.

පහළ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා විශාල සංඛ්‍යා­වක් ස්ථාන­ගත කර­මින් රැහැන් රහිත දත්ත සම්ප්‍රේ­ෂණ (Dish) ආධා­රක මඟින් සප­යනු ලබන අන්ත­ර්ජාල සේවා­වක් ලෙස වසර 2020දී ආරම්භ කරනු ලැබූ එම අන්ත­ර්ජාල සේවාව මේ වන විට රට­වල් 130කට ආසන්න ප්‍රමා­ණ­යක ව්‍යාප්ත වී ඇති අතර, භූතා­න­යට සහ ඉන්දි­යා­වට පසු දකුණු ආසි­යා­තික රටක ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව ආරම්භ කළ තුන් වැනි රට ශ්‍රී ලංකාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්