අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළට

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජූලි මාසයේදී 7.3%ක් ලෙස පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

මේ අතර අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජූලි මාසයේදී එය 6.3%ක් ලෙස වාර්තා වී තිබේ.කෙසේවෙතත් ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 7.7%ක් දක්වා අඩු වී තිබෙන බවයි වාර්තාවෙයි.

එම අනුපාතය ජූලි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා වී තිබේ.

කාලීන පුවත්