වටවල ප්රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ වටවල දුම්රිය ස්ථානයට පිටුපස තිබූ පස් කන්දක් ඊයේ (03) කඩා වැටී තිබේ.
ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයට දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබෙන බවයි වාර්තා වෙයි.
පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි එක් සේවකයෙක් සිට ඇති බවත් ඔහුට සුළු තුවාල සිදු වී තිබෙන බව වටවල පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම හැටන් ඔය පිටාර ගැලීම නිසා වටවල ඥානානන්ද ගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් සැඩපහරට හසු වී ගසා ගෙන ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.