අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක්

අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදු කළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහිදී වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබේ.

මෙහිදී සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් ආහාර අලෙවි කිරීම හා කල්ඉකුත් වූ ආහාර අලෙවි කිරීම ආදී වූ වැරදි යටතේ මෙම වෙළෙඳසැල් සඳහා නීතිමය පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

මෙවැනි වැටලීම් වෙසක් සහ පොසොන් උත්සවය මුලික කරගනිමින්ද සිදුකිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්