ලියනොල් මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.ඒ එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ජය ගනිමිනි.
68,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්විය.උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය.
තරගයේ පළමු ගෝලය වාර්තා කළේ 55වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක ඇන්තනි ගෝඩන්.ඉන් මිනිත්තු 30කට පසුව එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට සමත් විය.තරගයේ ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ 2වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ජයග්‍රාහී ගෝලය රැස් කළේ ලවුතාරෝ මාර්ටිනස්.ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 2ට 1ක් ලෙස ප්‍රබල ආර්ජන්ටිනාවට ජය හිමි කර දෙමිනි.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙනු ඇති. ලබන 20 වැනිදා නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.