අද ශ්‍රී ලාංකික සමාජය තුළ මූල්‍ය වංචාවන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ. මෑතකදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ස්වාධීන රූපවාහිනී වැඩසටහනකදී කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අවධානය යොමුවීම ඊට ආසන්නතම හේතුව ය. ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ඔහුගේ එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මේ සම්බන්ධයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ දැනටමත් විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වන අතර, විශාල පොලී මුදල් ලබා දෙන බවට පොරොන්දු වෙමින් සිදු කරන වැවිලි වගා ව්‍යාපෘති සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකු සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට මෙවැනි අධික පොලී පොරොන්දු දෙන බව පවසන වැවිලි වගා ආයෝජන යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය නොකරන අතර ඒවා මඟින් මහජනතාවට දැඩි මූල්‍ය හානියක් සිදුවිය හැකි ය. එවැනි ආයතන මූල්‍ය නීති රෙගුලාසි උල්ලංඡනය කරනවාද යන්න සොයා බලමින්, වැරදි තොරතුරු පැතිරවීමක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද මහ බැංකුව දැනුම් දී ඇත. සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇතිවී ඇති අතර බොහෝ දෙනෙකු ඉල්ලා සිටින්නේ ජනතාවගේ මුදල් වංචා කරන සමාගම්වලට උපරිම දඬුවම් ලබා දිය යුතු බවයි. ඒ සමඟම මෙවැනි ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය ආයතනවල වගකීම පිළිබඳව ද දැඩි විවේචන එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර නොමැතිව තැන්පතු භාර ගන්නා හෝ අධික පොලී පොරොන්දු දෙන කිසිදු ආයතනයකට අවසර දී නොමැති බවයි. එවැනි ආයෝජන අවස්ථාවකට සම්බන්ධ වීමට පෙර මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හෙවත් Financial Intelligence Unit (FIU) මඟින් හෝ 011 247 7966 යන දුරකථන අංකය අමතා ඒ පිළිබඳ සත්‍යතාව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මන්දයත් මෙවැනි බොහෝ වැවිලි වගා යෝජනා ක්‍රම පොන්සි ජාවාරම් (Ponzi Scheme) විය හැකි බැවිනි. පොන්සි ආයෝජනයක් යනු සැබෑ ව්‍යාපාරික ක්‍රියාකාරකමකින් හෝ නීත්‍යානුකූල ආයෝජනයකින් ලාභ උපයනවා වෙනුවට අලුතින් එකතු වන සාමාජිකයන්ගේ මුදලින් පැරණි සාමාජිකයන්ට පොලී හෝ ලාභාංශ ගෙවන වංචනික ක්‍රමයකි.

මෙහි දී මූලිකවම තේරුම් ගත යුතු කාරණය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර නොමැතිව තැන්පතු භාර ගන්නා හෝ අධික පොලී පොරොන්දු දෙන කිසිදු ආයතනයකට අවසර දී නොමැති බවයි. එවැනි ආයෝජන අවස්ථාවකට සම්බන්ධ වීමට පෙර මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හෙවත් Financial Intelligence Unit (FIU) මඟින් හෝ 011 247 7966 යන දුරකථන අංකය අමතා ඒ පිළිබඳ සත්‍යතාව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මන්දයත් මෙවැනි බොහෝ වැවිලි වගා යෝජනා ක්‍රම පොන්සි ජාවාරම් (Ponzi Scheme) විය හැකි බැවිනි. පොන්සි ආයෝජනයක් යනු සැබෑ ව්‍යාපාරික ක්‍රියාකාරකමකින් හෝ නීත්‍යානුකූල ආයෝජනයකින් ලාභ උපයනවා වෙනුවට අලුතින් එකතු වන සාමාජිකයන්ගේ මුදලින් පැරණි සාමාජිකයන්ට පොලී හෝ ලාභාංශ ගෙවන වංචනික ක්‍රමයකි. මෙම පොන්සි ජාවාරම් ක්‍රමයේ නිර්මාතෘ චාල්ස් පොන්සි (Charles Ponzi) නම් ඉතාලි ජාතිකයා ය. 1920 දශකයේ දී ඇමරිකාවේ දී මෙම පිරමීඩ ස්වරූපයේ වංචනික ආයෝජන ක්‍රම හඳුන්වා දුන් බැවින් පසුව මේවා ලොව පුරා ඔහුගේ නමින් හැඳින්වෙන්නට විය.

මෙහි ඇති භයානකම ලක්ෂණය වන්නේ අලුතින් සාමාජිකයන් බඳවා ගැනීම නතර වූ විට හෝ විශාල පිරිසක් එකවර තම මුදල් ඉල්ලා සිටි විට මුළු පද්ධතියම කඩා වැටීමයි. එවිට ජාවාරම්කරුවන් මුදල් රැගෙන පලා යන අතර ආයෝජනය කළ බහුතරයකට සියලු මුදල් අහිමි වේ. පොන්සි ක්‍රමයක් යනු කෙටි කලකින්, කිසිදු අවදානමකින් තොරව අසාමාන්‍ය ලෙස ඉහළ ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වෙමින් මහජනතාව රවටන මූල්‍ය වංචාවකි. බාහිර ලෝකයට සාර්ථක ව්‍යාපාරයක් ලෙස පෙනෙන්නට තිබුණද, සැබවින්ම මෙහි කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමක් හෝ නීත්‍යානුකූල මූල්‍ය ආයෝජනයක් සිදු නොවේ. මෙම සමස්ත ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම නව සාමාජිකයන් මත යැපෙන අතර, පැරණි සාමාජිකයන්ට පොරොන්දු වූ ලාභය ගෙවනු ලබන්නේ අලුතින් එකතු වන සාමාජිකයන් ආයෝජනය කරන මුදල්වලිනි. මේ හේතුවෙන් අලුතින් සාමාජිකයන් බඳවා ගැනීම නතර වූ සැනින් මුළු පද්ධතියම එකවර බිඳ වැටේ. මීට අමතරව, මෙවැනි ක්‍රම තුළ ආයෝජනය කළ මුදල් හෝ උපයන ලදැයි කියන ලාභය නැවත ලබා ගැනීමට යාමේදී විවිධ බාධා, කොන්දේසි සහ නීති රීති පැනවීම් හරහා මුදල් ආපසු ගැනීම අපහසු කරවයි. ලංකාවේ මෙන්ම ලෝකයේද විවිධ කාල වකවානුවලදී, විශේෂයෙන්ම වර්තමානයේ මීට වඩා වෙනස් ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) හෝ සබැඳි (Online) ආයෝජන මුවාවෙන් පවා මෙවැනි වංචාවන් නිරන්තරයෙන්ම හිස ඔසවන බැවින්, මේ පිළිබඳව මහජනතාව නිරන්තර අවධානයෙන් හා දැනුවත්භාවයෙන් සිටීම ඉතා වැදගත් වේ.

නමුත් එම ආයෝජන අතුරින් පොන්සි වංචාවක් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත. පළමුවැන්න අසාමාන්‍ය ලෙස ඉහළ ලාභයක් පොරොන්දු වීමයි. බැංකු පද්ධතියේ පවතින පොලී අනුපාතවලට වඩා කිහිප ගුණයකින් වැඩි, උදාහරණයක් ලෙස මාසිකව 10% සිට 30% දක්වා ලාභයක් කෙටි කාලයකින් ලබා දෙන බව පැවසීම මෙහිදී සුලභ වේ. දෙවැන්න අවදානමක් නොමැති බවට සහතික වීමයි. “කිසිදු අවදානමක් නැත, සියයට සීයක් සහතිකයි” වැනි ප්‍රකාශ මඟින් ඔවුහු ජනතාව ආකර්ෂණය කර ගනිති. එහෙත් මූල්‍ය ලෝකයේ මූලිකම නියමය වන්නේ අවදානමකින් තොරව ඉහළ ලාභයක් ලබාගත නොහැකි බවයි. තෙවැන්න ව්‍යාපාරයේ ක්‍රියාවලිය අපැහැදිලි වීමයි. මුදල් උපයන ආකාරය විමසූ විට ක්‍රිප්ටෝ කරන්සි, ෆොරෙක්ස්, රන් ආයෝජන හෝ අති නවීන තාක්ෂණය වැනි සංකීර්ණ වචන භාවිත කරමින් ඔවුන් තම සැබෑ ක්‍රියාවලිය වසන් කිරීම දැකිය හැකිය. සිව්වැන්න නව සාමාජිකයන් බඳවා ගැනීමට විද්‍යුත් සන්නිවේදන ක්‍රම ඔස්සේ අධික ලෙස බල කිරීමයි. මෙය බොහෝ විට පිරමීඩ ජාවාරමක ලක්ෂණයක් ද වේ.

මෙවැනි වංචාවලින් ආරක්ෂා වීමට නම් සෑම පුරවැසියෙකුම අවධානයෙන් සිටිය යුතු ය. හොඳම දේ වන්නේ යම් ආයෝජනයකින් ලැබෙන ලාභය අදහාගත නොහැකි තරම් ඉහළ නම් එහි යම් ගැටලුවක් අනිවාර්යයෙන්ම පවතින බව සිහියේ තබා ගැනීමයි. ඕනෑම ආයතනයකට මුදල් තැන්පත් කිරීමට පෙර එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී තැන්පතු භාර ගැනීමට අවසර ඇති මූල්‍ය ආයතනයක්ද යන්න පරීක්ෂා කළ යුතු ය. “මෙම අනඟි අවස්ථාව මඟ හැරුණොත් නැවත ලැබෙන්නේ නැත” යනුවෙන් ක්ෂණික මානසික පිබිදීම් මත මුදල් ආයෝජනය කිරීමට කරන බලපෑම්වලට හසු නොවිය යුතු ය. එමෙන්ම ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතිය, මූල්‍ය වාර්තා සහ නීත්‍යානුකූල ලේඛන ඉල්ලා සිටිය යුතු ය. ඒවා ලබාදීමට අපොහොසත් වන්නේ නම් එය පැහැදිලි අනතුරු ඇඟවීමකි.

අප මහන්සියෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීමට පෙර දෙවරක් නොව දස වරක් සිතා බැලිය යුතුය. ධනය උපයා ගැනීමට මෙවැනි කෙටි මාර්ග නොමැති බවත්, ඉහළ ලාභයක් සමඟ සැමවිටම ඉහළ අවදානමක් බැඳී ඇති බවත් වටහා ගැනීමෙන් පමණක් ඔබටත් පොන්සි ආයෝජනයක ගොදුරක් වීමෙන් වැළකී සිටිය හැකි ය. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ පොලිය මත පදනම් වන සියලු ආකාරයේ මූලික ආයෝජන ඉස්ලාමීය මූල්‍ය සිද්ධාන්ත අනුව ප්‍රතික්ෂේප කර ඇති බවයි. එය ලොව ආගම් අතුරින් ඉස්ලාමය සතු සුවිශේෂතාවකි.

එමෙන්ම විශේෂයෙන් කිව යුත්තේ ලංකාව තුළ විවිධ ඇප්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහා මෙවැනි පොන්සි සහ පිරමීඩ වංචා නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බවයි. එබැවින් අප මහන්සියෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීමට පෙර දෙවරක් නොව දස වරක් සිතා බැලිය යුතුය. ධනය උපයා ගැනීමට මෙවැනි කෙටි මාර්ග නොමැති බවත්, ඉහළ ලාභයක් සමඟ සැමවිටම ඉහළ අවදානමක් බැඳී ඇති බවත් වටහා ගැනීමෙන් පමණක් ඔබටත් පොන්සි ආයෝජනයක ගොදුරක් වීමෙන් වැළකී සිටිය හැකි ය. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ පොලිය මත පදනම් වන සියලු ආකාරයේ මූලික ආයෝජන ඉස්ලාමීය මූල්‍ය සිද්ධාන්ත අනුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.ඉස්ලාමීය ආර්ථික විද්‍යාවේ (Islamic Finance): ණයට දෙන මුදලට හෝ භාණ්ඩවලට අය කරන අසාධාරණ පොලිය හෝ අතිරික්තය රිබා (Riba) ලෙස හැඳින්වේ. මෙය ඉස්ලාමීය නීතියට අනුව සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එය ලොව ආගම් අතුරින් ඉස්ලාමය සතු සුවිශේෂතාවකි. මක්නිසාද යත් ලොව විවිධ ආගමිකයන් අතුරින් වෙළඳාම මුල් කොට මූල්‍ය ආයෝජන කෙරෙහි වැඩි නැඹුරුවක් පවතින මුස්ලිම් ජාතිකයන් සඳහා ඉස්ලාමයෙන් උත්තරීතර මූල්‍ය විනයක් ද පනවා ඇති බැවිනි. ඒ අනුව වර්තමාන සමාජ පසුබිම යටතේ මුස්ලිම් ජාතිකයන් කොපමණ සංඛ්‍යාවක් මෙවන් මූල්‍ය ජාවාරම්වලට සම්බන්ධ දැයි නිවැරදිව දැන හඳුනා ගැනීමේ විවෘත අභියෝගයක් මේ වන විට පොදු සමාජය හමුවේ ඉදිරිපත් ව තිබේ.
ෆාතිමා හලල්දීන්