වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන්ගේ 95,035ක් වාර්තා වී තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ අගෝස්තු මාසයේදී රෝගීන් 9,699දෙනෙක් වාර්තා වූ බවයි.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තා වී තිබේ.මෙම කාල සීමාවේදී බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 50,287දෙනෙක් හමු වී තිබෙන බවයි වාර්තා වෙයි.එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 13,843ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,647ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,808ක් හඳුනාගෙන තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙන බවයි.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20,248ක් හඳුනාගෙන තිබේ.