කුරුණෑගල නගරයට ආසන්න උයන්දන–කෝවාන ප්‍රදේශයට අද (31) අලුයම වන අලි තිදෙනකු පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු වන අලි ප්‍රහාරවලට ලක්ව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.වාර්තා වන පරිදි, වන අලි තිදෙනා උයන්දන–කෝවාන ගම්මානයට ඇතුළු වී ඇති අතර, එහි ළිඳක් අසල දිය නාමින් සිටි 45 හැවිරිදි කාන්තාවක එක් වන අලියකු විසින් තල්ලු කර දමා තිබේ. අනතුරුව ප්‍රදේශවාසීන් කලබල වී වන අලින් පසුපස යාමට උත්සාහ කිරීමේදී තවත් පුද්ගලයකුට වන අලියකු පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි. ප්‍රහාරයට ලක් වූ දෙදෙනාම රෝහල්ගත කර තිබේ. උයන්දන ප්‍රදේශය සාමාන්‍යයෙන් වන අලි තර්ජනයට ලක්වන ප්‍රදේශයක් නොවන බැවින්, මෙලෙස වන අලි තිදෙනකු එකවර ගම්මානයට ඇතුළු වීම ප්‍රදේශවාසීන් අතර දැඩි භීතියක් ඇති කිරීමට හේතු වී ඇතැයි වාර්තා වේ. ආපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කර ඇත්තේ වන අලි සම්බන්ධ අත්දැකීම් අඩු ප්‍රදේශවාසීන්ට අලි පලවා හැරීමට හෝ කලබල කිරීමට උත්සාහ නොකර ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස දැනුම් දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා, වනජීවී නිලධාරීන්, දොරටියාව පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් දැනුවත් කර ඇති බවද සඳහන් වේ. වන අලි තිදෙනා ආරක්ෂිතව පලවා හැරීම සඳහා ඉදිරි පියවර ගැනීමට නියමිතය.
උයන්දන යනු කුරුණෑගල නගරයට ආසන්න, මල්ලවපිටිය ප්‍රදේශයට අයත් නාගරික ලක්ෂණ සහිත ජනාවාසයකි. එය කුරුණෑගල–මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් විශාල ජනගහනයක් සහ ගමනාගමනයක් සහිත ප්‍රදේශයක් වන අතර, එවැනි නාගරික පරිසරයකට වන අලි ඇතුළුවීම මිනිස් ජීවිතවලට මෙන්ම අලින්ටද බරපතළ අවදානමක් ඇති කරයි.
උයන්දන සිද්ධිය පෙන්වන විශාල ගැටලුව