සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
එම සමාගම සඳහන් කළේ සේවකයන් විසින් සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
පසුගිය 25වනදා 2.00 පැයේ සිට සෙවනගල ඒකකයේ යම් සේවක පිරිසක් සිය රාජකාරි කටයුතුවලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවර ගෙන තිබුණු බවත් ඒ හේතුවෙන් මූල්‍යමය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයන්ට නිවාඩු ලබා දුන් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.